මෙහෙම හිතන්න, ඔයාගෙම කියල බිස්නස් එකක් පටන් ගත්ත කියමුකෝ. දැන් මොනවද ඒකට ඕන කරන්නෙ?
01. ඉන්වෙස්ට්මෙන්ට් එකක් (සල්ලි ඕන වැඩේ පටන් ගන්න)
02. බිස්නස් මොඩල් එකක්. (අඩුගානෙ buy & selling හරි කමක් නෑ)
03. අදායමක් (Revenue එකක්)
04. වියදමක් (Expense එකක්)
05. ලාභයක් (අදායම - වියදම) {Revenue - Expenses}
ඉතින් දැන් හොඳට කල්පනා කරලා බලන්න, මොකක්ද මේ RevSharing කියල කරන්නෙ?
01. සයිට් script එකක් අරගන්නවා, නැත්තම් හදනවා (වැඩේට සල්ලි ඕන)
02. Payment Processors add කරනවා
03. මෙච්චර දැම්මොත් මෙච්චරක් දෙනවා කියල කියනවා
04. පොඩි ඇඩ්වටස් පාරක් දානවා
05. ඔන්න සයිට් එක online කරනවා
ඊළඟට තමයි හොඳම හරිය වෙන්නෙ...
දැන් ඔන්න කට්ටිය ෆෝම් වෙනව, දන්න දන්න එකාට කියනව මේක කරපන්, අරක කරපන් කියල. හැබැයි කවුරුත් තේරුම් ගන්නෙ නැහැ මොකක්ද මේකෙ වෙන්නේ කියල. දන්නෙ නැහැ මොනවද අපි Add Funds කරල මිලදී ගත්තෙ කියල. හැමෝම හිතන්නෙ අපි ඉන්වෙස්ට් කලා කියල. එහෙම හිතනවනම් ඔයාල සම්පුර්ණයෙන් වැරදියි. කවුරුත් නිකමටවත් හිතන්නෙ නැහැ RevShare සයිට් එක මොකක්ද මේ කරන බිස්නස් එක කියල. ඇත්තටම එයාල කරන්නෙ අපේ සල්ලි අපිටම ගෙවනවා.
දැන් ඔන්න ප්‍රශ්නෙ "කොහොමද මේක කරන්නෙ"
ඔයා Add Fund කරල Shares ගන්නවා, මේ Shares කතාව පට්ට පල් බොරුවක්, ඇත්තටම මෙතන Shares කියල දෙයක් නැහැ. අපි මිලදීගන්නෙ Shares (කොටස්) නෙමෙයි. අපි මිලදීගන්නෙ ඇඩ්ස්. අපි සල්ලි දීල ඇඩ්ස් ගන්නවා, ඇඩ්ස් තමයි මෙයාල අපිට විකුණන්නෙ. අපි මුලින්ම ඕකට අහුවෙනවා. අහුවෙලා කෑගහනවා මට මෙච්චර Shares (කොටස්) තියෙනවා, අරූට අච්චර කොටස් තියෙනවා කියල. ඇත්තටම අපිට ඇති කොටසක් නැහැ, අපි ගත්තෙ ඇඩ්ස් පැක්ස්. (Ads Packs)
ඉතිං උන් අපිට දෙනවා Advertisement Credits, ඔන්න ඕක තමයි අපි ඇත්තටම සල්ලි දීල ගත්තෙ, අපි ගත්තෙ උන්ගෙ Service එකක්
ඇයි මේවා හුඟ කාලයක් දුවන්නෙ නැත්තෙ?
ඔන්න ප්‍රශ්නෙ, මම කෙටියෙන් කියන්නම් මේක.
A, B, C, D, E කියල යාළුවො සෙට් එකක් ඉන්නවා. මුන්ගෙන් A කියනවා අනිත් උන්ට XYZ කියන RevShare එකේ සල්ලි දාන්න කියල. දැන් ඉතිං අර සෙට් එකම සල්ලි දාල වැඩේ පටන් ගන්නවා. මෙන්න මෙහෙමයි සල්ලි යන්නෙ හුඟක් වෙලාවට.
අපි දාන ගණනින්
ඇඩ්මින්ට - 10% - 20%
කොමිස් - 10% - 15%
බිස්නස් එකට - 65% - 80%
දැන් මොකක්ද බිස්නස් එක?
මුකුත් නැහැ.
මම ඇයි මෙහෙම කියන්නෙ?
A ඩොලර් 100ක් දැම්මනම් ඌට ඩොලර් 120 දෙන්න ඕන. ඌ දාපු ගණනෙන් ඇත්තටම බිස්නස් එකට ගියේ ඩොලර් 65 - 80 වගේ ප්‍රමාණයක්. Aට තව ඩොලර් 40ක් දෙන්න ඕන, ඒක ගන්න වෙන්නෙ B ගෙන්, B ට දෙන්නෙ C ගෙන්. ඔන්න ඔහොම මේක පට්ට රෝලක් ගහනවා. මේ රෝල මාස 6ක් වගේ කරකවන්න පුළුවන්, ඊට පස්සෙ කට්ටිය සල්ලි දානව අඩුවෙනකොටම වැඩේ නතර කරනවා.
හොඳට මතක තියාගන්න මේ බිස්නස් එකේදී සල්ලි ලැබෙන්න වෙන විදිහක් නැහැ. PTC වලින් ලැබෙන සල්ලි හුඟක් වෙලාවට අපිට ලැබෙන්නෙ නැහැ, ඒවා ඇඩ්මින්ගෙ සාක්කුවට තමයි.
ඇයි මේ ඇඩ්මින්ලා බොරු FB නම් වලින් ඉන්නෙ?
උන් දන්නවා මේක අනිවාර්යයෙන් SCAM වෙනවා කියල, ඉතිං බොරු නමකින්, FB එකක් හදාගෙන තමයි වැඩේ යන්නෙ. එහෙම නොකරපු ඇඩ්මින්ලත් ඉන්නවා. ඒ අයටත් අන්තිමට SCAM ලේබල් එක වැදුනා.
උදාහරණ:- හන් මොහොමඩ් (HQ), ජායි ජී ෆන්ටෝ (Intellashares).
ඇත්තටම ඉතිං උන්ට කියලත් කරන්න දෙයක් නැහැ. මුලින් පෙන්නපු පින්තුරේ වගේ තමයි, මුලින් පැනල නාගන්න තරමට ඇඟට ගුණයි, පහුවෙනකොට වෙන්න නාන්න නෙමෙයි ගොඩ ගන්න, නැත්තම් ගොඩ අදින්න.
මේකෙන් කොහොමද ලාභ ගන්නෙ?
01.
එක විදිහක් තමයි රෙෆෙරල් කොමිස්. හුඟක්ම Online Marketersල කරන්නෙ ඕක තමයි. Brainy, Mike, Checkmate (Tharun), Shah, Steph වගේ උන් තනිකර ලාභ ගන්නෙ මේ ක්‍රමයෙන්. හැබැයි මම මේක කියන්නෙ ඇත්තටම. ඕකුන් සේරම අපේ සල්ලි වලින් ගොඩ යනවා විතරමයි. අපිට කියල සත 5ක් දීල නැහැ. (අඩුගානේ කොමිස් එකෙන්වත්)
02.
එකපාර ලොකු ගාණක් දාල පටන් ගන්නවා, සති 2ක් - 3ක් වගේ යනකොට දාපු ගාණ බේරනව. එතකොට සල්ලි නැතිවීමේ අවදානම තියෙන්නෙ පළවෙනි සති 2 - 3 විතරයි. ඊටපස්සෙ දෙයියනේ කියල ලාභ පිට ජීවත්වෙනවා.
කොහොමද Scam වෙන්න ලඟයි කියන්නෙ?
01. DDOS කේස් වැඩියෙන් එනවනම්
02. Payment Processor කේස්
03. Pending ගොඩක් අතරින් එකක් දෙකක් Payout කරලා තියෙනවනම්
04. Withdrawal, Add Funds වලට කිට්ටු කරලා තියෙනවනම්
RevShare ගැන ඕනම දෙයක් දැනගන්න එන්න අපේ බ්ලෝග් පිටුවට.ඔබට තියෙන ඕනෑම ගැටලුවක් comment කරන්න.